9. පින්වත් මහණෙනි, මේ ලෝකය පාලනය කරන කුසල් දහම් දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? (පවට ඇති) ලැජ්ජාවත්, (විපාකයට ඇති) භයත්ය. පින්වත් මහණෙනි, මේ කුසල් දහම් දෙකෙන් ලෝකය පාලනය කරන්නෙ නැත්නම්, මේ ලෝකයෙහි මේ ‘මව්’ කියලා හරි, ‘සුළු මව’ කියලා හරි, ‘නැන්දා’ කියලා හරි, ‘ගුරුවරයාගේ භාර්යාව’ කියලා හරි, ‘ගරු කළ යුතු අන් භාර්යාවන්’ කියලා හරි පැණවෙන්නේ නෑ. එහෙම වුනේ නැත්නම්, මේ ලෝකය එළු බැටළුවන් වගේ, කුකුලන් ඌරන් වගේ, බලු හිවලුන් වගේ මිශ්ර වෙලා ගෞරව කිරීමේ සම්මුතිය බිඳ ගන්නවා. පින්වත් මහණෙනි, යම් විදිහකින් මේ කුසල් දහම් දෙක විසින් මේ ලෝකය පාලනය කරන නිසා තමයි මේ ‘මව’ කියලත්, ‘සුළු මව’ කියලත්, ‘නැන්දා’ කියලත්, ‘ගුරුවරයාගේ භාර්යයාව’ කියලත්, ‘ගරු කළ යුතු අන් භාර්යාවන්’ කියලත් පැණවෙන්නෙ.
සාදු ! සාදු !! සාදු !!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M