අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2.1.1.5. උපඤ්ඤාතසුත්තං

2.1.1.5. අවබෝධයට පැමිණ දැනගත් දේ ගැන වදාළ දෙසුම

5. ද්වින්නාහං භික්ඛවේ ධම්මානං උපඤ්ඤාසිං: යා ච අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු, යා ච අප්පටිවානිතා පධානස්මිං. අප්පටිවානී සුදාහං භික්ඛවේ පදහාමි: කාමං තචෝ ච න්හාරු ච අට්ඨි ච අවසිස්සතු සරීරේ, උපසුස්සතු මංසලෝහිතං යං තං පුරිසථාමේන පුරිසවීරියේන පුරිසපරක්කමේන පත්තබ්බං, න තං අපාපුණිත්වා වීරියස්ස සන්ථානං භවිස්සතීති. තස්ස මය්හං භික්ඛවේ අප්පමාදාධිගතා බෝධි, අප්පමාදාධිගතෝ අනුත්තරෝ යෝගක්ඛේමෝ.

5. පින්වත් මහණෙනි, මේ කාරණා දෙකක තියෙන වටිනාකම මා දැන ගත්තේ අවබෝධයෙන්මයි. කුසල් දහම් දියුණු කර ගැනීම ගැන යම් සෑහීමකට පත් නොවීමක් ඇද්ද, පධන් වීරිය කිරීමේදී යම් නොපසුබස්නා බවක් ඇද්ද, යන මේ කරුණු දෙකයි. පින්වත් මහණෙනි, නොපසුබස්නා වීරියෙන් යුතු මා මෙන්න මේ විදිහට වීරිය කරනවා. ‘මේ ශරීරයේ සමත්, නහරත්, ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා! මස්, ලේ වියළී යේවා! යම් දෙයකට පුරුෂ ශක්තියෙන් යුතුව, පුරුෂ වීරියෙන් යුතුව, පුරුෂ පරාක්‍රමයෙන් යුතුව, පත් විය යුතු නම්, ඒ උතුම් දෙයට නොපැමිණ, මේ වීරිය නම් අත්හරින්නෙ නෑ’ කියලා. පින්වත් මහණෙනි, ඒ මා අප්‍රමාදය තුළින්මයි මේ උතුම් සම්බෝධියට පත් වුනේ. අප්‍රමාදය තුළින්මයි මේ උතුම් වූ යෝගක්ෂේමයට පත් වුනේ.

තුම්හේ චේපි භික්ඛවේ අප්පටිවානං පදහෙය්‍යාථ: කාමං තචෝ ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු සරීරේ, උපසුස්සතු මංසලෝහිතං, යං තං පුරිසථාමේන පුරිසවීරියේන පුරිසපරක්කමේන පත්තබ්බං, න තං අපාපුණිත්වා වීරියස්ස සන්ථානං භවිස්සතීති. තුම්හේපි භික්ඛවේ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථ.

ඒ නිසා පින්වත් මහණෙනි, ඔබත් නොපසුබට උත්සාහයෙන් වීරිය කරන්න. ‘මේ ශරීරයේ සමත්, නහරත්, ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා! මස්, ලේ වියළී යේවා! යම් දෙයකට පුරුෂ ශක්තියෙන් යුතුව, පුරුෂ වීරියෙන් යුතුව, පුරුෂ පරාක්‍රමයෙන් යුතුව, පත් විය යුතු නම්, ඒ උතුම් දෙයට නොපැමිණ මේ වීරිය නම් අත්හරින්නෙ නෑ’ කියලා. ඒ නිසා පින්වත් මහණෙනි, ඔබත් පින්වත් කුල පුතුන් මැනැවින් මේ ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පත්වෙන්නේ යම් අර්ථයක් පිණිස නම්, ඒ උතුම් බ්‍රහ්මචාරී ජීවිතයේ කෙලවර වන ඒ අමා නිවන මේ ජීවිතයේදීම තමන් විසින්ම විශේෂ ඤාණයෙන් අවබෝධ කරලා, එයට පැමිණ වාසය කරන්න.

තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: අප්පටිවානං පදහිස්සාම, කාමං තචෝ ච න්හාරු ච අට්ඨි ච අවසිස්සතු සරීරේ, උපසුස්සතු මංසලෝහිතං, යං තං පුරිසථාමේන පුරිසවීරියේන පුරිසපරක්කමේන පත්තබ්බං, න තං අපාපුණිත්වා වීරියස්ස සන්ථානං භවිස්සතීති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මෙන්නට ඕන. ‘මේ ශරීරයේ සමත්, නහරත්, ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා! මස්, ලේ වියළී යේවා! යම් දෙයකට පුරුෂ ශක්තියෙන් යුතුව, පුරුෂ වීරියෙන් යුතුව, පුරුෂ පරාක්‍රමයෙන් යුතුව, පත් විය යුතු නම්, ඒ උතුම් දෙයට නොපැමිණ මේ වීරිය නම් අත්හරින්නෙ නෑ’යි නොපසුබටව වීරිය වඩන අය වෙනවා කියලා. පින්වත් මහණෙනි, ඔබ මෙන්න මේ විදිහටම හික්මෙන්න ඕන.

සාදු ! සාදු !! සාදු !!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M