6. පින්වත් මහණෙනි, මේ කාරණා දෙකක් තියෙනවා. කවර කරුණු දෙකක් ද? සසර බන්ධනය ඇති කරවන දේ ගැන ආශ්වාදයට අනුව බැලීමත්, සසර බන්ධන ඇති කරවන දේ ගැන අවබෝධයෙන්ම කලකිරීමෙන් යුතුව බැලීමත්ය.
පින්වත් මහණෙනි, සසර බන්ධන ඇති කරවන දේ ගැන ආශ්වාදයට අනුව දකිමින් ජීවත් වෙන විට රාගය අත්හරින්නේ නෑ. ද්වේෂය අත්හරින්නේ නෑ. මෝහය අත්හරින්නේ නෑ. රාගය අත් හරින්නේ නැතුව, ද්වේෂය අත්හරින්නේ නැතුව, මෝහය අත්හරින්නේ නැතුව ඉපදීමෙන්, දිරීමෙන්, මරණයෙන්, ශෝකයෙන්, සන්තාපයෙන්, දුකෙන්, දොම්නසින්, සුසුම් හෙලීම්වලින්, නිදහස් වීමක් නම් නැහැ. ‘දුකින් නිදහස් වීමක් නෑ’ කියලයි මා කියන්නේ.
පින්වත් මහණෙනි, සසර බන්ධන ඇති කරවන දේ ගැන අවබෝධයකින් යුතුව කළකිරීමෙන් දකිමින් ජීවත් වෙන විට රාගය අත්හරිනවා. ද්වේෂය අත් හරිනවා. මෝහය අත් හරිනවා. රාගය අත්හැරලා, ද්වේෂය අත්හැරලා, මෝහය අත්හැරලා තමයි ඉපදීමෙන්, දිරීමෙන්, මරණයෙන්, ශෝකයෙන්, සන්තාපයෙන්, දුකෙන්, දොම්නසින්, සුසුම් හෙළීම්වලින් නිදහස් වීමක් තියෙන්නේ. ‘දුකෙන් නිදහස් වෙනවා’ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි ඒ කාරණා දෙක.
සාදු ! සාදු !! සාදු !!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M