4. පින්වත් මහණෙනි, සිත් තැවුල් ඇති කරන්නෙ නැති කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුසිරිත් කරලා තියෙනවා. කයින් දුසිරිත් කරලා නෑ. වචනයෙන් සුසිරිත් කරලා තියෙනවා. වචනයෙන් දුසිරිත් කරලා නෑ. මනසින් සුසිරිත් කරලා තියෙනවා. මනසින් දුසිරිත් කරලා නෑ. ඔහු ‘මා කයින් යහපත් දේ කරලා තියෙනවා’ කියලා තැවෙන්නෙ නෑ. ‘මා කයින් දුසිරිත් කළේ නෑ’ කියල තැවෙන්නෙ නෑ. ‘මා වචනයෙන් යහපත් දේ කරල තියෙනවා’ කියල තැවෙන්නෙ නෑ. ‘මා වචනයෙන් දුසිරිත් කළේ නෑ’ කියල තැවෙන්නෙ නෑ. ‘මා සිතින් යහපත් දේ කරලා තියෙනවා’ කියල තැවෙන්නෙ නෑ. ‘මා සිතින් දුසිරිත් කළේ නෑ’ කියල තැවෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, මේ තමයි සිතේ තැවුල් ඇති නොකරන කාරණා දෙක.
සාදු ! සාදු !! සාදු !!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M