අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2.1.1.3. තපනීයසුත්තං

2.1.1.3. සිතේ තැවීම ඇති කරන දේ ගැන වදාළ දෙසුම

3. ද්වේමේ භික්ඛවේ ධම්මා තපනීයා. කතමේ ද්වේ: ඉධ භික්ඛවේ ඒකච්චස්ස කායදුච්චරිතං කතං හෝති, අකතං හෝති කායසුචරිතං; වචීදුච්චරිතං කතං හෝති, අකතං හෝති වචීසුචරිතං; මනෝදුච්චරිතං කතං හෝති, අකතං හෝති මනෝසුචරිතං; සෝ කායදුච්චරිතං මේ කතන්ති තප්පති, අකතං මේ කායසුචරිතන්ති තප්පති; වචීදුච්චරිතං මේ කතන්ති තප්පති, අකතං මේ වචීසුචරිතන්ති තප්පති; මනෝදුච්චරිතං මේ කතන්ති තප්පති, අකතං මේ මනෝසුචරිතන්ති තප්පති. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා තපනීයාති.

3. පින්වත් මහණෙනි, සිත් තැවුල් ඇති කරන කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් කයින් දුසිරිත් කරලා තියෙනවා. කයින් සුසිරිත් කරලා නෑ. වචනයෙන් දුසිරිත් කරලා තියෙනවා. වචනයෙන් සුසිරිත් කරලා නෑ. මනසින් දුසිරිත් කරලා තියෙනවා. මනසින් සුසිරිත් කරලා නෑ. ඉතින් ඔහු ‘අනේ! මා කයින් දුසිරිත් කළා නේද?’ කියලා තැවෙනවා. ‘මා කයින් යහපත් දේ කළේ නෑ නේද?’ කියලත් තැවෙනවා. ‘මා වචනයෙන් දුසිරිත් කළා නේද?’ කියල තැවෙනවා. ‘මා වචනයෙන් යහපත් දේ කළේ නෑ නේද?’ කියලත් තැවෙනවා. ‘මා සිතින් දුසිරිත් කළා නේද?’ කියල තැවෙනවා. ‘මා සිතින් යහපත් දේ කළේ නෑ නේද?’ කියලත් තැවෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි සිතේ තැවුල් ඇති කරන කාරණා දෙක.

සාදු ! සාදු !! සාදු !!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M