අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2.1.1.2. පධානසුත්තං

2.1.1.2. වීරිය ගැන වදාළ දෙසුම

2. ද්වේමානි භික්ඛවේ පධානානි දුරභිසම්භවානි ලෝකස්මිං. කතමානි ද්වේ: යඤ්ච ගිහීනං අගාරං අජ්ඣාවසතං චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරානුප්පදානත්ථං පධානං, යඤ්ච අගාරස්මා අනගාරියං පබ්බජිතානං සබ්බූපධිපටිනිස්සග්ගත්ථං පධානං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ පධානානි දුරභිසම්භවානි ලෝකස්මිං. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං පධානානං යදිදං සබ්බූපධිපටිනිස්සග්ගත්ථං පධානං. තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: සබ්බූපධිපටිනිස්සග්ගත්ථං පධානං පදහිස්සාමාති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

2. පින්වත් මහණෙනි, ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගත යුතු වීර්යයන් දෙකක් මේ ලෝකයෙහි තියෙනවා. ඒ දෙක මොනවාද? ගිහි ගෙයි ජීවත් වෙන යම් කෙනෙක් සිවුරු (ඇඳුම්), පිණ්ඩපාත (ආහාර), සේනාසන (නිවාස), ගිලන්පස බෙහෙත් පිරිකර (ඖෂධ) ආදිය දීම සඳහා කරන වීර්යයත්, ඒ වගේම ගිහිගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි අය සියලු කෙලෙසුන් අතහැරීම සඳහා කරන වීර්යයත්ය. පින්වත් මහණෙනි, මේ තමයි මේ ලෝකයේ ඉතාමත් දුක සේ සම්පූර්ණ කර ගන්න තියෙන වීර්යයන් දෙක. පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් අත්හැරීම නම් වූ අමා මහ නිවන වෙනුවෙන් කරන යම් වීර්යයක් ඇද්ද, මේ වීර්යයන් දෙක අතරින් වඩාත්ම අග්‍ර වෙන්නෙ මෙයයි. ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන. ‘සියලු කෙලෙස් අත් හැරීම පිණිසම වීරිය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ මෙන්න මේ විදිහටමයි හික්මෙන්න ඕන.

සාදු ! සාදු !! සාදු !!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M