අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2.1.1.1. වජ්ජ සුත්තං

2.1.1.1. අපරාධ ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

1. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියලා භික්ෂූන් අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලාත් “පින්වතුන් වහන්ස” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළා.

ද්වේමානි භික්ඛවේ වජ්ජානි. කතමානි ද්වේ: දිට්ඨධම්මිකඤ්ච වජ්ජං, සම්පරායිකඤ්ච වජ්ජං. කතමඤ්ච භික්ඛවේ දිට්ඨධම්මිකං වජ්ජං: ඉධ භික්ඛවේ ඒකච්චෝ පස්සති චෝරං ආගුචාරිං රාජානෝ ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ, කසාහිපි තාළෙන්තේ, වෙත්තේහිපි තාළෙන්තේ, අද්ධදණ්ඩකේහිපි තාළෙන්තේ, හත්ථම්පි ඡින්දන්තේ, පාදම්පි ඡින්දන්තේ, හත්ථපාදම්පි ඡින්දන්තේ, කණ්ණම්පි ඡින්දන්තේ, නාසම්පි ඡින්දන්තේ, කණ්ණනාසම්පි ඡින්දන්තේ, බිලංගථාලිකම්පි කාරෙන්තේ, සංඛමුණ්ඩිකම්පි කාරෙන්තේ, රාහුමුඛම්පි කාරෙන්තේ, ජෝතිමාලිකම්පි කාරෙන්තේ, හත්ථපජ්ජෝතිකම්පි කාරෙන්තේ, ඒරකවත්තිකම්පි කාරෙන්තේ, චීරකවාසිකම්පි කරොන්තේ, ඒණෙය්‍යකම්පි කාරෙන්තේ, බළිසමංසිකම්පි කාරෙන්තේ, කහාපණිකම්පි කාරෙන්තේ, ඛාරාපතච්ඡිකම්පි කාරෙන්තේ, පලිඝපරිවත්තිකම්පි කාරෙන්තේ, පලාලපීඨකම්පි කාරෙන්තේ, තත්තේනපි තේලේන ඕසිඤ්චන්තේ, සුනබේහිපි ඛාදාපෙන්තේ, ජීවන්තම්පි සූලේ උත්තාසෙන්තේ, අසිනාපි සීසං ඡින්දන්තේ. තස්ස ඒවං හෝති: යථාරූපානං ඛෝ පාපකානං කම්මානං හේතු චෝරං ආගුචාරිං රාජානෝ ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති, කසාහිපි තාළෙන්ති, ….(පෙ)…. අසිනාපි සීසං ඡින්දන්ති. අහඤ්චේව ඛෝ පන ඒවරූපං පාපකම්මං කරෙය්‍යං, මම්පි රාජානෝ ගහෙත්වා ඒවරූපා විවිධා කම්මකාරණා කාරෙය්‍යුං: කසාහිපි තාළෙය්‍යුං ….(පෙ)…. අසිනාපි සීසං ඡින්දෙය්‍යුන්ති. සෝ දිට්ඨධම්මිකස්ස වජ්ජස්ස භීතෝ න පරේසං පාභතං පලුම්පන්තෝ චරති. ඉදං වුච්චති භික්ඛවේ දිට්ඨධම්මිකං වජ්ජං.

පින්වත් මහණෙනි, මේ අපරාධ දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? මෙලොව විපාක දෙන අපරාධත්, පරලොව විපාක දෙන අපරාධත්ය. පින්වත් මහණෙනි, මෙලොව විපාක දෙන අපරාධය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි යම් කෙනෙකුට වැරදි කරපු හොරෙක්ව රජවරුන් විසින් අල්ලගන්නවා දකින්න ලැබෙනවා. අල්ලාගෙන නොයෙක් දඬුවම් කරන හැටි දකින්න ලැබෙනවා. කසවලින් තලනවා. වේවැල් වලිනුත් තලනවා. දිග පොලුවලිනුත් තලනවා. අත් කපා දමනවා. කකුල් කපා දමනවා. අත් පා කපා දමනවා. කන් කපා දමනවා. නාසය කපා දමනවා. කන් නාස කපා දමනවා. බිලංගථාලික කියන දඬුවමත් කරනවා. සංඛමුණ්ඩික කියන දඬුවමත් කරනවා. රාහුමුඛ කියන දඬුවමත් කරනවා. ජෝතිමාලික කියන දඬුවමත් කරනවා. හත්ථපජ්ජෝතික කියන දඬුවමත් කරනවා. ඒරකවත්ත කියන දඬුවමත් කරනවා. චීරකවාසික කියන දඬුවමත් කරනවා. ඒණෙය්්‍යක කියන දඬුවමත් කරනවා. බලිසමංසික කියන දඬුවමත් කරනවා. කහාපණ කියන දඬුවමත් කරනවා. ඛාරාපතච්ඡික කියන දඬුවමත් කරනවා. පලිඝපරිවත්තික කියන දඬුවමත් කරනවා. පලාලපිට්ඨික කියන දඬුවමත් කරනවා. කැකෑරෙන තෙල් ඇඟට ඉහිනවා. සැර බල්ලන් ලව්වා කවවනවා. පණ පිටින් උලේ හින්ඳවනවා. කඩුවෙන් බෙල්ල කපා දානවා. ඉතින් මේ දඬුවම් දකින අර කෙනාට මෙහෙම හිතෙනවා. “යම් විදිහක වැරදි නිසා රජවරුන් සොරුන්ව අල්ලා ගෙන නොයෙක් දඬුවම්, වද දෙනවා. කසවලිනුත් තලනවා. ….(පෙ)…. කඩුවෙන් බෙල්ලත් කපා දානවා. ඉතින් මා ත් ඒ වගේ පව්කම් කළොත් රජවරු මාවත් අල්ලාගෙන ඔය නොයෙක් විදිහේ දඬුවම් ම තමයි කරන්නෙ. කසවලිනුත් තලාවි. ….(පෙ)…. කඩුවෙන් බෙල්ලත් කපා දමාවි” කියලා. ඉතින් ඔහු මොකද කරන්නේ, මේ මෙලොව කරන වැරදිවලට භය වෙනවා. අනුන්ගේ දේවල් හොරකම් කිරීමෙන්, මංකොල්ල කෑමෙන් වැළකිලා ජීවත් වෙනවා. මේක තමයි පින්වත් මහණෙනි, මෙලොවදී විපාක දෙන අපරාධය කියලා කියන්නෙ.

කතමඤ්ච භික්ඛවේ සම්පරායිකං වජ්ජං: ඉධ භික්ඛවේ ඒකච්චෝ ඉති පටිසඤ්චික්ඛති: කායදුච්චරිතස්ස ඛෝ පාපකෝ විපාකෝ අභිසම්පරායං, වචීදුච්චරිතස්ස ඛෝ පාපකෝ විපාකෝ අභිසම්පරායං, මනෝදුච්චරිතස්ස ඛෝ පාපකෝ විපාකෝ අභිසම්පරායං. අහඤ්චේව ඛෝ පන කායේන දුච්චරිතං චරෙය්‍යං, වාචාය දුච්චරිතං චරෙය්‍යං, මනසා දුච්චරිතං චරෙය්‍යං කිඤ්ච තං, යාහං න කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍යන්ති. සෝ සම්පරායිකස්ස වජ්ජස්ස භීතෝ කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවේති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවේති, මනෝදුච්චරිතං පහාය මනෝසුචරිතං භාවේති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවේ සම්පරායිකං වජ්ජං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ වජ්ජානි. තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං: දිට්ඨධම්මිකස්ස වජ්ජස්ස භායිස්සාම, සම්පරායිකස්ස වජ්ජස්ස භායිස්සාම. වජ්ජභීරුනෝ භවිස්සාම වජ්ජභයදස්සාවිනෝති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බං. වජ්ජභීරුනෝ භික්ඛවේ වජ්ජභයදස්සාවිනෝ ඒතං පාටිකංඛං, යං පරිමුච්චිස්සති සබ්බවජ්ජේහීති.

පින්වත් මහණෙනි, මොකක්ද පරලොව විපාක දෙන අපරාධය කියල කියන්නෙ? මෙහි සමහර කෙනෙක් මෙන්න මේ විදිහට හිතනවා. කයෙන් කරන දුසිරිත්වල විපාක පරලොවදී විඳින්න සිද්ධ වෙනවා. වචනයෙන් කරන දුසිරිත්වල විපාක පරලොවදී විඳින්න සිද්ධ වෙනවා. සිතින් කරන දුසිරිත්වල විපාක පරලොවදී විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මමත් කයෙන් දුසිරිත් කළොත්, වචනයෙන් දුසිරිත් කළොත්, සිතින් දුසිරිත් කළොත්, කය බිඳිලා මැරුණට පස්සේ ආපය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදින්නෙ නැතුව සිටීවිද? (ඒක වෙනවාමයි) ඒ නිසා ඔහු මේ පරලොවදී විඳින්න වෙන දඬුවමට භය වෙනවා. කයෙන් කරන දුසිරිත් අත්හරිනවා. කාය සුචරිතය පුරුදු කරනවා. වචනයෙන් කරන දුසිරිත් අත්හරිනවා. වචී සුචරිතය පුරුදු කරනවා. සිතින් කරන දුසිරිත් අත්හරිනවා. මානෝ සුචරිතය පුරුදු කරනවා. තමන්ගේ ජීවිතය පිරිසිදුව ගතකරනවා. මේක තමයි පින්වත් මහණෙනි, පරලොව විපාක දෙන අපරාධය කියල කියන්නේ. මේවා තමයි පින්වත් මහණෙනි, අපරාධ දෙක ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන. ‘මෙලොව විපාක දෙන අපරාධයටත් භය වෙනවා. පරලොව විපාක දෙන අපරාධයටත් භය වෙනවා. වැරැද්දට භය වෙලා, වැරැද්දේ භය දකින අය වෙනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහට තමයි. පින්වත් මහණෙනි, වරදට බිය වන, වරදේ භය දකින කෙනා ‘සියලු වරදවලින් නිදහස් වෙනවා’ කියන මෙන්න මේ දේටම තමයි කැමති වෙන්න තියෙන්නේ.

සාදු ! සාදු !! සාදු !!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M