සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.14. ආසවක්ඛය සුත්තං

8.2.14. ආශ්‍රවයන් ක්ෂය වීම ගැන වදාළ දෙසුම

“ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දීම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරමි.”

දෙවෙනි සහස්ස වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සහස්ස සූත්‍රය, ඉද්ධිවිධ සූත්‍රය, දිබ්බසෝත සූත්‍රය, චේතෝපරිය සූත්‍රය, ඨාන සූත්‍රය, කම්ම සූත්‍රය, සබ්බත්ථ සූත්‍රය, නානාධාතු සූත්‍රය, නානාධිමුත්තික සූත්‍රය, ඉන්ද්‍රිය සූත්‍රය, ඣාන සූත්‍රය, පුබ්බේනිවාස සූත්‍රය, දිබ්බචක්ඛු සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය වශයෙන් සූත්‍ර දහ හතරකි.

අනුරුද්ධ සංයුත්තය අවසන් විය.

එහි වර්ග නාමාවලිය :

රහෝගත වර්ගය, සහස්ස වර්ගය වශයෙන් අනුරුද්ධ සංයුත්තයෙහි ආදිච්චබන්ධු වු බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද වර්ග දෙකක් වෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M