එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එකල්හී හුදෙකලාවෙහි භාවනාවෙන් සිටි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙබඳු චිත්ත පරිවිතර්කයක් උපන්නේ ය.
‘යම් කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ වරදවා ගන්නා ලද්දාහු ද, ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවී යන්නා වූ ආර්ය මාර්ගය වරදවා ගන්නා ලද්දේ ය. යම් කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ නිවැරදි ලෙස ගන්නා ලද්දාහු ද, ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවී යන්නා වූ ආර්ය මාර්ගය නිවැරදි ලෙස ගන්නා ලද්දේ ය.’
එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය වදාළහ.
“ඇවැත් අනුරුද්ධයෙනි, භික්ෂුවක් විසින් සතර සතිපට්ඨානයන් නිවැරදි ලෙස ගනු ලබන්නේ කොපමණකින් ද?”
“ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ කයෙහි කායානුපස්සීව වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර කයෙහි කායානුපස්සීව වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් කයෙහි කායානුපස්සී ව වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ විඳීම් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර විඳීම් හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් විඳීම් හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ සිත පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර සිත හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් සිත හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ධර්මයන් පිළිබඳ ව හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, බාහිර ධර්මයන් හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, තමාගේ ත් අනුන්ගේ ත් ධර්මයන් හටගන්නා ආකාරය දකිමින් වාසය කරයි.
ඇවැත්නි, මෙපමණකින් භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ නිවැරදි ලෙස ගන්නා ලද්දාහු ය.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය රහෝගත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M