මහණෙනි, මේ සැඩපහර සතරකි. ඒ කවර සතරක් ද යත්, ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(ඒසනා වර්ගයේ මෙන් විස්තර කළ යුත්තේ ය)
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය.
මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහ. කවර සතරක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.
මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්රහාණය පිණිස මේ සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහ.
අටවෙනි ඕඝ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සූත්‍ර දහසය බැගින් වූ කොටස් දසයකි. මුළු සූත්‍ර ගණන එකසිය හැටකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
ඉර්ධිපාද සංයුත්තය අවසන් විය.
එහි වර්ග නාමාවලිය :
චාපාල වර්ගය, පාසාදකම්පන වර්ගය, අයෝගුළ වර්ගය, ගංගා පෙය්යාල වර්ගය ආදී වර්ග පස ත් සමඟ මෙම ඉර්ධිපාද සංයුත්තයෙහි වර්ග අටකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M