සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.3.9. සම්බහුල භික්ඛු සුත්තං

7.3.9. බොහෝ භික්ෂූන්ට වදාළ දෙසුම

එකල්හී බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ඉර්ධිය යනු කුමක් ද? ඉර්ධිපාදය යනු කුමක් ද? ඉර්ධිපාද භාවනාව යනු කුමක් ද? ඉර්ධිපාද භාවනාව පිණිස ඇති ප්‍රතිපදාව කුමක් ද?”

“මහණෙනි, මෙහිලා භික්ෂුව නොයෙක් ඉර්ධිවිධීන් අත්දකියි. ….(පෙ)…. මහණෙනි, මෙය ඉර්ධිපාද වැඩීම පිණිස ඇති ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

සම්බහුල භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M