ඉදින් මහණෙනි, භික්ෂුවක් බලවත් ඡන්දය උපදවා කටයුතු කිරීමෙන් සමාධියක් ලබයි ද, සිතෙහි එකඟ බවක් ලබයි ද, මෙය ඡන්ද සමාධිය යැයි කියනු ලැබෙයි. ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. උපන් කුසල් දහම් පවතිනු පිණිස, නොනැසෙනු පිණිස, වඩාත් දියුණු වීම පිණිස, විපුල බව පිණිස, භාවනාවෙන් පිරිපුන් වනු පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. මේවා ප්‍රධන් වීර්යයට අයත් සංස්කාරයෝ යැයි කියනු ලැබෙයි. මෙසේ මේ ඡන්දය ත්, මේ ඡන්ද සමාධිය ත්, මේ ප්‍රධන් වීර්යයට අයත් සංස්කාර ත් ඇද්ද, මහණෙනි, මෙය බලවත් ඡන්දයෙන් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි කියනු ලැබෙයි.
ඉදින් මහණෙනි, භික්ෂුවක් බලවත් වීර්යය උපදවා කටයුතු කිරීමෙන් සමාධියක් ලබයි ද, සිතෙහි එකඟ බවක් ලබයි ද, මෙය විරිය සමාධිය යැයි කියනු ලැබෙයි. ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය පිණිස ….(පෙ)…. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ….(පෙ)…. උපන් කුසල් දහම් පවතිනු පිණිස, නොනැසෙනු පිණිස, වඩාත් දියුණු වීම පිණිස, විපුල බව පිණිස, භාවනාවෙන් පිරිපුන් වනු පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. මේවා ප්‍රධන් වීර්යයට අයත් සංස්කාරයෝ යැයි කියනු ලැබෙයි. මෙසේ මේ වීර්යය ත්, මේ විරිය සමාධිය ත්, මේ ප්‍රධන් වීර්යයට අයත් සංස්කාර ත් ඇද්ද, මහණෙනි, මෙය බලවත් වීර්යයෙන් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි කියනු ලැබෙයි.
ඉදින් මහණෙනි, භික්ෂුවක් බලවත් අධිෂ්ඨානය උපදවා කටයුතු කිරීමෙන් සමාධියක් ලබයි ද, සිතෙහි එකඟ බවක් ලබයි ද, මෙය චිත්ත සමාධිය යැයි කියනු ලැබෙයි. ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය පිණිස ….(පෙ)…. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ….(පෙ)…. උපන් කුසල් දහම් පවතිනු පිණිස, නොනැසෙනු පිණිස, වඩාත් දියුණු වීම පිණිස, විපුල බව පිණිස, භාවනාවෙන් පිරිපුන් වනු පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. මේවා ප්‍රධන් වීර්යයට අයත් සංස්කාරයෝ යැයි කියනු ලැබෙයි. මෙසේ මේ අධිෂ්ඨානය ත්, මේ චිත්ත සමාධිය ත්, මේ ප්‍රධන් වීර්යයට අයත් සංස්කාර ත් ඇද්ද, මහණෙනි, මෙය බලවත් අධිෂ්ඨානයෙන් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි කියනු ලැබෙයි.
ඉදින් මහණෙනි, භික්ෂුවක් බලවත් ව නුවණින් විමසීම උපදවා කටයුතු කිරීමෙන් සමාධියක් ලබයි ද, සිතෙහි එකඟ බවක් ලබයි ද, මෙය වීමංසා සමාධිය යැයි කියනු ලැබෙයි. ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. උපන් පාපී අකුසල් දහම් ප්රහාණය පිණිස ….(පෙ)…. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ….(පෙ)…. උපන් කුසල් දහම් පවතිනු පිණිස, නොනැසෙනු පිණිස, වඩාත් දියුණු වීම පිණිස, විපුල බව පිණිස, භාවනාවෙන් පිරිපුන් වනු පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්යය වඩයි. මේවා ප්‍රධන් වීර්යයට අයත් සංස්කාරයෝ යැයි කියනු ලැබෙයි. මෙසේ මේ නුවණින් විමසීම ත්, මේ වීමංසා සමාධිය ත්, මේ ප්‍රධන් වීර්යයට අයත් සංස්කාර ත් ඇද්ද, මහණෙනි, මෙය බලවත් ව නුවණින් විමසීමෙන් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි කියනු ලැබෙයි.
සාදු! සාදු!! සාදු!!!
ඡන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M