සැවැත් නුවර දී ය ………
“මහණෙනි, සම්බුද්ධත්වයට පූර්වයෙහි දී අභිසම්බෝධියට පත් ව නොසිටි, බෝසත් ම වූ මා හට මේ අදහස ඇති වූයේ ය. ‘ඉර්ධිපාදයන් දියුණු කරගැනීම පිණිස හේතුවන්නේ කුමක් ද? ප්‍රත්‍ය වන්නේ කුමක් ද?’ යි එකල්හී මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවූයේ ය. ‘මෙහිලා භික්ෂුවක් බලවත් ඡන්දය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.
“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”
මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
බලවත් වීර්යය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීර්යය අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.
“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”
මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
බලවත් අධිෂ්ඨානය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ අධිෂ්ඨානය අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.
“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”
මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ බලවත් ව නුවණින් විමසීම අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.
“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”
මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
මහණෙනි, මේ අයුරින් භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, අනේක ප්‍රකාර වූ ඉර්ධි විශේෂයන් කළ හැකි වන්නේ ය. එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටියි. බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටියි. ප්‍රකටව ත් සිටියි. අප්‍රකටව ත් සිටියි. බිත්ති හරහා යයි, ප්‍රාකාරය හරහා යයි, පර්වත හරහා යයි, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් යයි. පොළොවෙහි යටට කිමිදෙයි. උඩට මතුවෙයි. ජලයෙහි සේ ය. නොගිලෙමින් ජලයෙහි ඇවිදගෙන යයි. පොළොවෙහි යන සේ ය. පළඟක් බැඳ අහසින් යයි. පක්ෂි ලිහිණියෙකු සේ ය. මෙබඳු මහත් ඉර්ධි ඇති, මෙබඳු මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වයි.
මහණෙනි, මේ අයුරින් භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සාමාන්‍ය මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් දිව්‍ය වූ ත්, මානුෂික වූ ත්, දුර වූ ත්, ළඟ වූ ත් දෙවැදෑරුම් ශබ්ද අසයි.
මහණෙනි, මේ අයුරින් භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නේ වෙයි. එනම් සරාගී සිත සරාගී සිත යැයි දන්නේ ය. වීතරාගී සිත වීතරාගී සිත යැයි දන්නේ ය. සදෝසී සිත ….(පෙ)…. වීතදෝසී සිත ….(පෙ)…. සමෝහී සිත ….(පෙ)…. වීතමෝහී සිත ….(පෙ)…. හැකිළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. මහග්ගත සිත ….(පෙ)…. අමහග්ගත සිත ….(පෙ)…. සඋත්තර සිත ….(පෙ)…. අනුත්තර සිත ….(පෙ)…. සමාහිත සිත ….(පෙ)…. අසමාහිත සිත ….(පෙ)…. මිදුණු සිත ….(පෙ)…. නොමිදුණු සිත නොමිදුණු සිත යැයි දැන ගනී.
මහණෙනි, මේ අයුරින් භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් ද, උපත් දෙකක් ද, උපත් තුනක් ද, උපත් සතරක් ද, උපත් පහක් ද, උපත් දහයක් ද, උපත් විස්සක් ද, උපත් තිහක් ද, උපත් හතළිහක් ද, උපත් පණහක් ද, උපත් සියයක් ද, උපත් දහසක් ද, උපත් සිය දහසක් ද, අනේක වූ සංවට්ට කල්ප, අනේක වූ විවට්ට කල්ප, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරයි. ‘මම් අසවල් තැන සිටියෙමි. අසවල් නමින් සිටියෙමි. අසවල් ගෝත්‍රයෙන් සිටියෙමි. අසවල් පැහැයෙන් සිටියෙමි. අසවල් ආහාර ගත්තෙමි. අසවල් අයුරින් සැප දුක් වින්දෙමි. අසවල් අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත ව ඒ මම් අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම් අසවල් නමින් සිටියෙමි. අසවල් ගෝත්‍ර නමින් සිටියෙමි. අසවල් පැහැයෙන් සිටියෙමි. අසවල් ආහාර ගත්තෙමි. අසවල් සැප දුක් වින්දෙමි. අසවල් අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම් එයින් චුත ව මෙහි උපන්නෙමි’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි.
මහණෙනි, මේ අයුරින් භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි.
මහණෙනි, මේ අයුරින් භික්ෂුවක් සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.
සාදු! සාදු!! සාදු!!!
හේතු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M