සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.1.9. ඤාණ සුත්තං

7.1.9. අවබෝධඥානය ගැන වදාළ දෙසුම

මේ බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය. ඒ මේ බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වනාහී වැඩිය යුත්තේ යැයි මහණෙනි, මා තුළ ….(පෙ)…. වඩන ලද්දේ යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

මේ බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය. ඒ මේ බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වනාහී වැඩිය යුත්තේ යැයි මහණෙනි, මා තුළ ….(පෙ)…. වඩන ලද්දේ යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

මේ බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය. ඒ මේ බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වනාහී වැඩිය යුත්තේ යැයි මහණෙනි, මා තුළ ….(පෙ)…. වඩන ලද්දේ යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

මේ බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය. ඒ මේ බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වනාහී වැඩිය යුත්තේ යැයි මහණෙනි, මා තුළ ….(පෙ)…. වඩන ලද්දේ යැයි මහණෙනි, මා තුළ පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඤාණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M