☰
මහණෙනි, මේ පංච ඉන්ද්රියයෝ ය. ඒ කවර පසක් ද යත්, ශ්රද්ධා ඉන්ද්රිය ය ….(පෙ)…. ප්රඥා ඉන්ද්රිය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ ඉන්ද්රියයෝ ය. මහණෙනි, මේ පංච ඉන්ද්රියයන් දියුණු කරන ලද බැවින්, බහුල වශයෙන් ප්රගුණ කරන ලද බැවින් ප්රතිඵල සතක්, අනුසස් සතක් කැමති විය යුත්තේ ය. ඒ ප්රතිඵල සත, අනුසස් සත මොනවාද?
මෙලොව දී ම කලින් ම අරහත්වයට පත්වෙයි. ඉදින් මෙලොව දී කලින් ම අරහත්වයට පත් නොවූයේ නම්, මරණ කාලයෙහි අරහත්වයට පත්වෙයි.
ඉදින් මෙලොව දී කලින් අරහත්වට පත් නොවූයේ නම්, ඉදින් මරණ කාලයේ දී ත් අරහත්වයට පත්නොවූයේ නම්, එකල්හී පංච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කොට අන්තරා පරිනිබ්බායී වෙයි. උපහච්ච පරිනිබ්බායී වෙයි. අසංඛාර පරිනිබ්බායී වෙයි. සසංඛාර පරිනිබ්බායී වෙයි. උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි.
මහණෙනි, මේ පංච ඉන්ද්රියයන් දියුණු කරන ලද බැවින්, බහුල වශයෙන් ප්රගුණ කරන ලද බැවින් මේ ප්රතිඵල සත, මේ අනුසස් සත කැමති විය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ඵල සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-7-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M