සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.7.5. ඵල සුත්තං

4.7.5. ප්‍රතිඵල ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පංච ඉන්ද්‍රියයෝ ය. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය ය. මහණෙනි, මේ වනාහී පසක් වූ ඉන්ද්‍රියයෝ ය. මහණෙනි, මේ පංච ඉන්ද්‍රියයන් දියුණු කරන ලද බැවින්, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද බැවින් දෙවැදෑරුම් ප්‍රතිඵලයන් අතරින් එක්තරා ප්‍රතිඵලයක් කැමති විය යුත්තේ ය. එනම් මෙලොව දී ම අරහත්වයට පත්වීම හෝ උපදාන ඉතිරි ව තිබෙන කල්හී අනාගාමී බව යි.

සාදු! සාදු!! සාදු!!!

ඵල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-7-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M