සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.5.6. දුතිය පුබ්බාරාම සුත්තං

4.5.6. පූර්වාරාමයේ දී වදාළ දෙවෙනි දෙසුම

“මහණෙනි, කොපමණ ඉන්ද්‍රියයන් වැඩූ බැවින් ද, බහුල ව වැඩූ බැවින් ද ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ?”

“ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තේ ය. ….(පෙ)….

“මහණෙනි, ඉන්ද්‍රියයන් දෙකක් වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ ය. ඒ කවර ඉන්ද්‍රියයන් දෙකක් ද? ආර්ය වූ ප්‍රඥාව ත්, ආර්ය වූ විමුක්තිය ත් ය.

මහණෙනි, ඔහුට යම් ආර්ය ප්‍රඥාවක් ඇද්ද, එය ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රිය යි. මහණෙනි, ඔහුට යම් ආර්ය විමුක්තියක් ඇද්ද, එය ඔහුගේ සමාධි ඉන්ද්‍රිය යි.

මහණෙනි, මේ ඉන්ද්‍රියයන් දෙක වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පුබ්බාරාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M