මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි.
මහණෙනි, සැප ඉන්ද්රිය යනු කුමක් ද? මහණෙනි, යම් කායික සැපක් ඇද්ද, යම් කායික මිහිරක් ඇද්ද, කයෙහි ස්පර්ශයෙන් හටගන්නා සැපවත් වූ මිහිරි වූ විඳින බවක් ඇද්ද, මෙය මහණෙනි, සැප ඉන්ද්රිය යැයි කියනු ලැබේ. මහණෙනි, දුක් ඉන්ද්රිය යනු කුමක් ද? ….(පෙ)…. මහණෙනි, සොම්නස් ඉන්ද්රිය යනු කුමක් ද? ….(පෙ)…. මහණෙනි, දොම්නස් ඉන්ද්රිය යනු කුමක් ද? ….(පෙ)…. මහණෙනි, උපේක්ෂා ඉන්ද්රිය යනු කුමක් ද? මහණෙනි, කායික හෝ මානසික හෝ මිහිරි ත් නොවූ, අමිහිරිත් නොවූ යම් විඳින බවක් ඇද්ද, මෙය මහණෙනි, උපේක්ෂා ඉන්ද්රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, එහි යම් සැප ඉන්ද්‍රියයක් ඇද්ද, යම් සොම්නස් ඉන්ද්‍රියයක් ඇද්ද, එය සැප විඳීම ලෙස දැක්ක යුත්තේ ය. මහණෙනි, එහි යම් දුක් ඉන්ද්‍රියයක් ඇද්ද, යම් දොම්නස් ඉන්ද්‍රියයක් ඇද්ද, එය දුක් විඳීම ලෙස දැක්ක යුත්තේ ය. මහණෙනි, එහි යම් මේ උපේක්ෂා ඉන්ද්‍රියයක් ඇද්ද, එය දුක් සැප රහිත විඳීම ලෙස දැක්ක යුත්තේ ය. මෙසේ මහණෙනි, මේ පංච ඉන්ද්රියයෝ පහක් වී තුනක් බවට පත්වෙති. තුනක් වී පහක් බවට පත්වෙති. ඒ ධර්මය පවසන අයුරින් ය.
සාදු! සාදු!! සාදු!!!
තතිය විභංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M