☰
මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සැප නමැති ඉන්ද්රිය නොදනිත් ද, සැප නමැති ඉන්ද්රියයෙහි හටගැනීම නොදනිත් ද, සැප නමැති ඉන්ද්රියයෙහි නිරෝධය නොදනිත් ද, සැප නමැති ඉන්ද්රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය නොදනිත් ද, දුක නමැති ඉන්ද්රිය නොදනිත් ද ….(පෙ)…. සොම්නස නමැති ඉන්ද්රිය නොදනිත් ද ….(පෙ)…. දොම්නස නමැති ඉන්ද්රිය නොදනිත් ද ….(පෙ)…. උපේක්ෂාව නමැති ඉන්ද්රිය නොදනිත් ද, උපේක්ෂාව නමැති ඉන්ද්රියයෙහි හටගැනීම නොදනිත් ද, උපේක්ෂාව නමැති ඉන්ද්රියයෙහි නිරෝධය නොදනිත් ද, උපේක්ෂාව නමැති ඉන්ද්රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය නොදනිත් ද, ….(පෙ)…. දනිත් ද, ….(පෙ)…. සිය විශිෂ්ට ඥානයෙන් දැන එයට පැමිණ වාසය කරන්නාහු වෙති.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M