සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.4.3. අරහන්ත සුත්තං

4.4.3. රහතන් වහන්සේ ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි. මහණෙනි, යම් කලක භික්ෂුව මේ ඉන්ද්‍රියයන් පස පිළිබඳ ව හටගැනීම ත්, නැසීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැන උපාදාන රහිත ව නිදහස් වූයේ වෙයි ද, මහණෙනි, මේ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරන ලද්දේ, බඹසර නිමාකරන ලද්දේ, කළ යුත්ත කරන ලද්දේ, කෙලෙස් බර බැහැර කරන ලද්දේ, අනුපිළිවෙලින් පැමිණි අරහත්වය ඇත්තේ, භව සංයෝජන ක්ෂය කරන ලද්දේ, මැනැවින් දැන නිදහස් වූයේ, රහතන් වහන්සේ යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

අරහන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M