☰
මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා මේ ඉන්ද්‍රියයන් පස පිළිබඳ ව හටගැනීම ත්, නැසීම ත්, ආශ්වාදය ත්, ආදීනවය ත්, නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම දැනගනියි ද, මහණෙනි, මෙම ආර්ය ශ්‍රාවකයා අපායට නොවැටෙන ස්වභාවයෙන් යුතු වූයේ නියත වශයෙන් ම නිවන පිහිට කොට ඇත්තේ සෝවාන් පුද්ගලයා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
සෝතාපන්න සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M