☰
මහණෙනි, මේ විඳීම් තුනකි. ඒ කවර තුනක් ද යත්, සැප විඳීම ය, දුක් විඳීම ය, දුක් සැප රහිත විඳීම ය. මහණෙනි, මේ වනාහී තුනක් වූ වේදනාවෝ ය. මහණෙනි, මේ විඳීම් තුන පිරිසිඳ අවබෝධ කිරීම පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, මේ විඳීම් තුන පිරිසිඳ අවබෝධ කිරීම පිණිස මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
වේදනා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M