මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව් ද, යම් කෙනෙකුන් ඔබට ඇහුම්කන් දිය යුතු යැයි සිතත් ද, මිත්රයෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේඥාතීහු වෙත්වා, මහණෙනි, ඔබ විසින් ඔවුන් සතර සතිපට්ඨානය වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහු ය. වාසය කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව් ද, යම් කෙනෙකුන් ඔබට ඇහුම්කන් දිය යුතු යැයි සිතත් ද, මිත්රයෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේඥාතීහු වෙත්වා, මහණෙනි, ඔබ විසින් ඔවුන් මේ සතර සතිපට්ඨානය වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහු ය. වාසය කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
මිත්ත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M