කුක්කුටාරාමයෙහි දී ය …..
“ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් පවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”
“ආයුෂ්මත් භද්දයෙනි, යහපති, යහපති. ආයුෂ්මත් භද්ද, ඔබගේ ප්‍රශ්න වැටහීම යහපති. ප්‍රතිභානය යහපති. ප්‍රශ්න විමසීම යහපති. ආයුෂ්මත් භද්ද, ඔබ මෙසේ ඇසුවෙහි ය. ‘ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් පවතින්නේ නම් එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’ යනුවෙනි.”
“එසේ ය ආයුෂ්මත.”
“ආයුෂ්මත, සතර සතිපට්ඨානය භාවිත නොකිරීමෙන්, බහුල නොකිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ වෙයි. ආයුෂ්මත, සතර සතිපට්ඨානය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් පවතින්නේ වෙයි. ඒ කවර සතරක් ද යත්,
ආයුෂ්මත, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
ආයුෂ්මත, මේ සතර සතිපට්ඨානය භාවිත නොකිරීමෙන්, බහුල නොකිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ වෙයි. ආයුෂ්මත, මේ සතර සතිපට්ඨානය භාවිත කිරීමෙන්, බහුල කිරීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කල් පවතින්නේ වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
ඨිති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M