සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.2.7. අරිය සුත්තං

3.2.7. ආර්ය බව ගැන වදාළ දෙසුම

මහණෙනි, භාවිත කරන ලද, බහුල කරන ලද ආර්ය වූ නිවනට පමුණුවන්නා වූ මේ සතර සතිපට්ඨානයෝ පිළිපදින විට මැනැවින් දුක් ගෙවීමට පමුණුවන්නාහු ය. ඒ කවර සතරක් ද යත්,

මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල කරන ලද ආර්ය වූ නිවනට පමුණුවන්නා වූ මේ සතර සතිපට්ඨානයෝ පිළිපදින විට මැනැවින් දුක් ගෙවීමට පමුණුවන්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

අරිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M