මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ ඒකායන මාර්ගයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්ම මාර්ගය අවබෝධ වීම පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස, මෙය පවතියි. එනම් මේ සතර සතිපට්ඨානය යි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, මේ ඒකායන මාර්ගයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්ම මාර්ගය අවබෝධ වීම පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස, මෙය පවතියි. එනම් මේ සතර සතිපට්ඨානය යි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය සතුටින් පිළිගත්හ.
සාදු! සාදු!! සාදු!!!
අම්බපාලි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M