☰
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ….(පෙ)…. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ‘ප්‍රඥාව නැත්තේ ය – කෙළතොළු ය, ප්‍රඥාව නැත්තේ ය – කෙළතොළු ය’ යි කියනු ලැබේ. ස්වාමීනී, ප්‍රඥාව නැති කෙළතොළු යැයි කියනු ලබන්නේ කවර කරුණු මත ද?”
“භික්ෂුව, සප්ත බොජ්ඣංගයන් භාවිත නොකළ බැවින්, බහුල නොකළ බැවින් ප්‍රඥාව නැති කෙළතොළු යැයි කියනු ලැබේ. ඒ කවර සතක් ද යත්, සති සම්බොජ්ඣංගය ය ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. භික්ෂුව, මේ සප්ත බොජ්ඣංගයන් භාවිත නොකළ බැවින්, බහුල නොකළ බැවින් ප්‍රඥාව නැති කෙළතොළු යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
දුප්පඤ්ඤ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M