☰
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ‘බොජ්ඣංග, බොජ්ඣංග’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, බොජ්ඣංග යැයි කියනු ලබන්නේ කුමන කරුණු මත ද?”
“භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ ය යන කරුණෙන් බොජ්ඣංග යැයි කියනු ලැබේ. භික්ෂුව, මෙහිලා භික්ෂුවක් කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. භික්ෂුව, අවබෝධය පිණිස පවතින්නේ ය යන කරුණෙන් බොජ්ඣංග යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
බෝධාය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M