සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.2.10. නිබ්බිදා සුත්තං

2.2.10. සසර කලකිරීම ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සප්ත බොජ්ඣංගයන් භාවිත කළ විට, බහුල ව ප්‍රගුණ කළ විට ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, තෘෂ්ණා නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය. ඒ කවර සප්ත බොජ්ඣංගයක් ද යත්; එනම්, සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි, මේ සප්ත බොජ්ඣංගයන් භාවිත කළ විට, බහුල ව ප්‍රගුණ කළ විට ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, තෘෂ්ණා නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

නිබ්බිදා සූත්‍රය නිමා විය.

දෙවෙනි ගිලාන වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පාණ සූත්‍රය, සුරියෝපම සූත්‍ර දෙක, ගිලාන සූත්‍ර තුන, අපාර සූත්‍රය, ආරද්ධ සූත්‍රය, අරිය සූත්‍රය සහ නිබ්බිදා සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M