“මහණෙනි, එය මෙබඳු දෙයකි. සිනේරු පර්වතරාජයා මුං ඇට තරමේ ගල් කැට සතක් ඉතුරු කොට ක්ෂය වී යන්නේ නම්, ගෙවී යන්නේ නම්, මහණෙනි, එය කිමෙකැයි හඟිව් ද? බහුතර ව ඇත්තේ කුමක් ද? සිනේරු පර්වත රාජයාගේ යම් ප්‍රමාණයක් ක්ෂය වී ගියේ නම්, ගෙවී ගියේ නම්, එය ද? ඉතිරි වී ඇති මුං ඇට තරමේ ගල්කැට සත ද?”
“ස්වාමීනී, සිනේරු පර්වත රාජයාගේ යම් මේ ප්‍රමාණයක් ක්ෂය වී ගියේ ද, ගෙවී ගියේ ද, එය ම අතිශයින් බහුතර වෙයි. ඉතිරි වී ඇති මුං ඇට තරමේ ගල්කැට සතක් ඇද්ද, එය ඉතා ස්වල්පයකි. ක්ෂය වූ, ගෙවී ගිය සිනේරු පර්වතය සමඟ ඉතිරි වී ඇති මුං ඇට තරමේ ගල් කැට සත සසඳා බලද්දී සංඛ්‍යාවකට ද ගත නොහැකි ය. සැසඳීමකට ද ගත නොහැකි ය. ඉතා කුඩා කොටසකට ද ගත නොහැකි ය.”
“එසෙයින් ම මහණෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය කළ දිට්ඨිසම්පන්න ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ ක්ෂය කරන ලද, ගෙවන ලද දුකක් ඇද්ද, මෙය ම ඉතාමත් බොහෝ ය. ඉතුරු වී ඇති දුකක් ඇද්ද, එය ඉතාමත් ම ස්වල්පය ය. යමෙක් ‘මෙය දුක යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක හටගැනීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරයි නම්, ඒ ආර්ය ශ්‍රාවකයා හට යම් මේ සත් වතාවක් පරම කොට ඉපදීමක් ඇද්ද, මේ ඉපදීමේ දුක, ක්ෂය කරන ලද, ගෙවන ලද පළමු දුක්ඛස්කන්ධය හා සසඳා බලද්දී මෙය සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සිනේරු සූත්‍රය නිමා විය.
පස්වෙනි පපාත වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
චින්තා සූත්‍රය, පපාත සූත්‍රය, පරිළාහ සූත්‍රය, කූට සූත්‍රය, වාද සූත්‍රය, අන්ධකාර සූත්‍රය, ඡිග්ගල සුත්‍ර දෙක සහ සිනේරු සූත්‍ර දෙක වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M