මහණෙනි, යමෙක් මෙසේ කියයි නම්, ‘මම දුක්ඛාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි එකරුණ කිසිසේත් දකින්නට නොලැබෙන්නකි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. යමෙක් මෙසේ කියයි නම්, ‘මම පතොක් පත්‍රයකින් හෝ සලල පත්‍රයකින් හෝ නෙල්ලි පත්‍රයකින් හෝ ගොටුවක් කොට ජලය හෝ ඉදුණු තල් ගෙඩියක් හෝ ගෙන යන්නෙමි’ යි. එකරුණ කිසිසේත් දකින්නට නොලැබෙන්නකි.
එසෙයින් ම මහණෙනි, යමෙක් මෙසේ කියයි නම්, ‘මම දුක්ඛාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ නොකොට, මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි එකරුණ කිසිසේත් දකින්නට නොලැබෙන්නකි.
මහණෙනි, යමෙක් මෙසේ කියයි නම්, ‘මම දුක්ඛාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි එකරුණ දකින්නට ලැබෙයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. යමෙක් මෙසේ කියයි නම්, ‘මම නෙළුම් පත්‍රයකින් හෝ කෑල පත්‍රයකින් හෝ මාළුවා පත්‍රයකින් හෝ ගොටුවක් කොට ජලය හෝ ඉදුණු තල් ගෙඩියක් හෝ ගෙන යන්නෙමි’ යි. එකරුණ දකින්නට ලැබෙයි.
එසෙයින් ම මහණෙනි, යමෙක් මෙසේ කියයි නම්, ‘මම දුක්ඛාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට, මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි එකරුණ දකින්නට ලැබෙයි.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ඛදිර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M