මහණෙනි, ‘මෙය දුක නම් වූ ආර්ය සත්‍යය යැ’යි මා විසින් පණවන ලද්දේ ය. එසේ පැණවීම පිණිස පැවසූ අකුරු අප්‍රමාණ ය. ව්‍යඤ්ජන අප්‍රමාණ ය. විස්තර අප්‍රමාණ ය. මෙසේ ත් මේ දුක නම් වූ ආර්ය සත්‍යය ය.
මහණෙනි, ‘මෙය දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය යැ’යි මා විසින් පණවන ලද්දේ ය. එසේ පැණවීම පිණිස පැවසූ අකුරු අප්‍රමාණ ය. ව්‍යඤ්ජන අප්‍රමාණ ය. විස්තර අප්‍රමාණ ය. මෙසේ ත් මේ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය ය.
මහණෙනි, ‘මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යැ’යි මා විසින් පණවන ලද්දේ ය. එසේ පැණවීම පිණිස පැවසූ අකුරු අප්‍රමාණ ය. ව්‍යඤ්ජන අප්‍රමාණ ය. විස්තර අප්‍රමාණ ය. මෙසේ ත් මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය ය.
මහණෙනි, ‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැ’යි මා විසින් පණවන ලද්දේ ය. එසේ පැණවීම පිණිස පැවසූ අකුරු අප්‍රමාණ ය. ව්‍යඤ්ජන අප්‍රමාණ ය. විස්තර අප්‍රමාණ ය. මෙසේ ත් මේ දුක නිරුද්ධ වීම පිණිස ඇති ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සංකාසන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M