මහණෙනි, සැපය ඇතිකර දෙන්නා වූ මේ පුණ්යප්රවාහයෝ, කුසල ප්‍රවාහයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මෙය සැපය ඇති කර දෙන්නා වූ පළමුවෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහය යි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද ධර්මය ඇත්තේ ය. ….(පෙ)…. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය’ යනුවෙනි. මෙය සැපය ඇති කර දෙන්නා වූ දෙවෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහය යි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි.’ යනුවෙනි. මෙය සැපය ඇති කර දෙන්නා වූ තෙවෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහයයි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ප්‍රඥාවන්ත වෙයි. ආර්ය වූ කලකිරීමට නිසි තියුණු අවබෝධය ඇතිකර දෙන, මැනැවින් දුක් ක්ෂය වී යෑමට හේතුවන හටගැනීම නැතිවීම දකිනා ප්‍රඥාවෙන් යුක්ත වෙයි. මෙය සැපය ඇති කර දෙන්නා වූ සිව්වෙනි පුණ්‍යප්‍රවාහය යි; කුසල ප්‍රවාහය යි.
මහණෙනි, මේ වනාහී සැපය ඇතිකර දෙන්නා වූ සතරක් වූ පුණ්යප්රවාහයෝ ය; කුසල ප්‍රවාහයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
තතිය අභිසන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M