සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.9. දුතිය ගිඤ්ජකාවසථ සුත්තං

11.1.9. ගෙඩිගෙයෙහි දී වදාළ දෙවෙනි දෙසුම

එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, නාදිකාවෙහි සිටි අශෝක නම් භික්ෂුව කළුරිය කළේ ය. ඔහු කොතැනක ඉපදුණේ ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි අශෝකා නම් භික්ෂුණිය කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි අශෝක නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි අශෝකා නම් උපාසිකාව කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද?

“ආනන්දයෙනි, කලුරිය කළ අශෝක භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළේ ය. ….(පෙ)….

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ඒ ධර්ම ක්‍රමය මෙය යි.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය ගිඤ්ජකාවසථ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M