එකල්හී බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මයක් ඇත්තේ ද?”
“මහණෙනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මයක් ඇත්තේ ය.”
“ස්වාමීනි, එක් ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සතර ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත ධර්මයක් සම්පූර්ණ වෙයි නම්, සප්ත ධර්මයක් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, ධර්ම දෙකක් සම්පූර්ණ වෙයි නම්, එබඳු වූ එක් ධර්මය කුමක් ද?”
“මහණෙනි, ආනාපානසති සමාධිය නම් වූ එක් ධර්මය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සතර සතිපට්ඨානයන් සම්පූර්ණ වෙයි. සතර සතිපට්ඨානයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ වෙයි. සප්ත බොජ්ඣංගයන් දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට, විද්‍යාව ත් විමුක්තිය ත් සම්පූර්ණ වෙයි.
මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් සෙවණට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ….(පෙ)…. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද සප්ත බොජ්ඣංගයෝ විද්‍යාව ත්, විමුක්තිය ත් සම්පූර්ණ කරත්.
සාදු! සාදු!! සාදු!!!
භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M