එක් සමයෙක්හි ආයුෂ්මත් ලෝමසවංගීස තෙරණුවෝ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවෙසෙති. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවංගීස තෙරුන් වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ලෝමසවංගීස තෙරුන් සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවංගීස තෙරුන්ට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, නිවන් මග හික්මෙන්නාගේ විහරණය ත් මෙය ම ද? ඒ තථාගත විහරණය ත් මෙය ම ද? නැතහොත් නිවන් මග හික්මෙන්නාගේ විහරණය අනිකක් ද? තථාගත විහරණය අනිකක් ද?”
“ඇවැත් මහානාමයෙනි, ඒ නිවන් මග හික්මෙන්නාගේ විහරණය ම ඒ තථාගත විහරණය නොවෙයි. ඇවැත් මහානාමයෙනි, නිවන් මග හික්මෙන්නාගේ විහරණය අනිකකි. තථාගත විහරණය අනිකකි.
ඇවැත් මහානාමයෙනි, යම් ඒ භික්ෂූහු නිවන් මග හික්මෙමින් නොපැමිණි අරහත්වය ඇතිව අනුත්තර යෝගක්ඛේමය නම් නිවන පතමින් වාසය කරත් ද, ඔවුහු පංච නීවරණ ප්‍රහාණය කොට වාසය කරති. ඒ කවර පසක් ද යත්; කාමච්ඡන්ද නීවරණය ප්‍රහාණය කොට වාසය කරති. ව්‍යාපාද නීවරණය ….(පෙ)…. ථීනමිද්ධ නීවරණය ….(පෙ)…. උද්ධච්ච කුක්කුච්ච නීවරණය ….(පෙ)…. විචිකිච්ඡා නීවරණය ප්‍රහාණය කොට වාසය කරති. ඇවැත් මහානාමයෙනි, යම් ඒ භික්ෂූහු නිවන් මග හික්මෙමින් නොපැමිණි අරහත්වය ඇතිව අනුත්තර යෝගක්ඛේමය නම් නිවන පතමින් වාසය කරත් ද, ඔවුහු මේ පංච නීවරණ ප්‍රහාණය කොට වාසය කරති.
ඇවැත් මහානාමයෙනි, යම් ඒ භික්ෂූහු රහත් වූවාහු ද, ආශ්‍රවයන් ක්ෂය වූවාහු ද, වසන ලද බඹසර ඇත්තාහු ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර පසෙක බහා තැබුවාහු ද, අනුපිළිවෙලින් පත් උත්තමාර්ථය ඇත්තාහු ද, භව සංයෝජනයන් ක්ෂය කරන ලද්දේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් මිදුණාහු වෙත් ද, ඒ භික්ෂූන්ගේ පංච නීවරණයෝ ප්‍රහීණ වූවාහු ය. මුලින් ම සිඳුණාහු ය. කරටිය සුන් තල්ගසක් මෙන් වූවාහු ය. අභාවයට පත්වූවාහු ය. නැවත නූපදින ස්වභාවයට පත්වූවාහු ය. ඒ කවර පසක් ද යත්; කාමච්ඡන්ද නීවරණය ප්‍රහීණ වූවේ ය. මුලින් ම සිඳුණේ ය. කරටිය සුන් තල්ගසක් මෙන් වූවේ ය. අභාවයට පත්වූවේ ය. නැවත නූපදින ස්වභාවයට පත්වූවේ ය. ව්‍යාපාද නීවරණය ….(පෙ)…. ථීනමිද්ධ නීවරණය ….(පෙ)…. උද්ධච්ච කුක්කුච්ච නීවරණය ….(පෙ)…. විචිකිච්ඡා නීවරණය ප්‍රහීණ වූවේ ය. මුලින් ම සිඳුණේ ය. කරටිය සුන් තල්ගසක් මෙන් වූවේ ය. අභාවයට පත්වූවේ ය. නැවත නූපදින ස්වභාවයට පත්වූවේ ය. ඇවැත් මහානාමයෙනි, යම් ඒ භික්ෂූහු රහත් වූවාහු ද, ආශ්‍රවයන් ක්ෂය වූවාහු ද, වසන ලද බඹසර ඇත්තාහු ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර පසෙක බහා තැබුවාහු ද, අනුපිළිවෙලින් පත් උත්තමාර්ථය ඇත්තාහු ද, භව සංයෝජනයන් ක්ෂය කරන ලද්දේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් මිදුණාහු වෙත් ද, ඒ භික්ෂූන්ගේ මේ පංච නීවරණයෝ ප්‍රහීණ වූවාහු ය. මුලින් ම සිඳුණාහු ය. කරටිය සුන් තල්ගසක් මෙන් වූවාහු ය. අභාවයට පත්වූවාහු ය. නැවත නූපදින ස්වභාවයට පත්වූවාහු ය. ඇවැත් මහානාමයෙනි, සේඛ විහාරය වෙනත් දෙයක් වශයෙනුත්, තථාගත විහාරය වෙනත් දෙයක් වශයෙනුත් යම් සේ දත යුත්තේ ද, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.
ඇවැත් මහානාමයෙනි, එක් අවස්ථාවක දී භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල නුවර ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මම තුන් මසක් තනිව ම වාසය කරන්නට කැමති වෙමි. පිණ්ඩපාතය රැගෙන එන කෙනා හැර අන් කෙනෙකු විසින් නොඑළඹිය යුත්තෙම් වෙමි.”
“එසේ ය, ස්වාමීනී” යි ඇවැත, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය රැගෙන එන එක් භික්ෂුවක හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නොඑළඹෙයි.
ඉක්බිති ඇවත, භාග්‍යවතුන් වහන්සේ ඒ තුන්මස ඇවෑමෙන් භාවනාවෙන් නැගිට භික්ෂූන් ඇමතූ සේක.
“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඔබලාගෙන් මෙසේ අසත් නම්, ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයෝ වස් වසා සිටි කාලයෙහි කවර විහරණයකින් බහුල ව වාසය කළාහු ද?’ යි. එසේ විමසන ලදු ව මහණෙනි, ඔබලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දෙව්. ‘ඇවැත්නි, වස් වසා සිටි කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ ආනාපානසති සමාධියෙන් බහුල ව වාසය කළ සේක.’
මහණෙනි, මෙහිලා මම සිහියෙන් හුස්ම ගනිමි. සිහියෙන් හුස්ම හෙලමි. දීර්ඝ ව හෝ හුස්ම ගනිද්දී, දීර්ඝ ව හුස්ම ගනිමි යි දනිමි. දීර්ඝ ව හෝ හුස්ම හෙලද්දී දීර්ඝ ව හුස්ම හෙලමි යි දනිමි. ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුකිරීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි දනිමි. ඇල්ම දුරින් ම දුරුකිරීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි දනිමි. මහණෙනි, මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් යමක් අරභයා මනාකොට කියයි නම්, ආනාපානසති සමාධිය ම අරභයා මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් කියන්නේ ය.
මහණෙනි, යම් ඒ භික්ෂූහු නිවන් මග පුහුණු වෙමින්, නොපැමිණි අරහත්වය ඇති ව, අනුත්තර යෝගක්ඛේමය වූ නිවන පතමින් වාසය කරත් ද, ඔවුන් විසින් ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස පවතියි.
මහණෙනි, යම් ඒ භික්ෂූහු රහත් වූවාහු ද, ආශ්‍රවයන් ක්ෂය වූවාහු ද, වසන ලද බඹසර ඇත්තාහු ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර පසෙක බහා තැබුවාහු ද, අනුපිළිවෙලින් පත් උත්තමාර්ථය ඇත්තාහු ද, භව සංයෝජනයන් ක්ෂය කරන ලද්දේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් මිදුණාහු වෙත් ද, ඔවුන් විසින් ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, මෙලොව දී සුව සේ වාසය කිරීම පිණිස ත්, සිහි නුවණ පිණිස ත් පවතියි.
මහණෙනි, මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් යමක් අරභයා මනාකොට කියයි නම්, ආනාපානසති සමාධිය ම අරභයා මනාකොට කියන්නෙක් ආර්ය විහාරය යනුවෙනුත්, බ්‍රහ්ම විහාරය යනුවෙනුත්, තථාගත විහාරය යනුවෙනුත් කියන්නේ ය.”
ඇවැත් මහානාමයෙනි, නිවන් මග හික්මෙන්නාගේ විහරණය අනිකක් ම බව ත්, තථාගත විහරණය අනිකක් බව ත් යන මෙය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
කංඛෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M