සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.1.2. බොජ්ඣංග සුත්තං

10.1.2. බොජ්ඣංග ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය. …………

මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, මහත්ඵල මහානිශංස වෙයි.

මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල, මහානිශංස වෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකය ඇසුරු කොට, විරාගය ඇසුරු කොට, ඇල්ම නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට ආනාපානසතියෙන් යුක්ත වූ සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. විවේකය ඇසුරු කොට, විරාගය ඇසුරු කොට, ඇල්ම නිරෝධය ඇසුරු කොට, නිවනට නැඹුරු කොට ආනාපානසතියෙන් යුක්ත වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි.

මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල, මහානිශංස වෙයි.

සාදු! සාදු!! සාදු!!!

බොජ්ඣංග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M