මහණෙනි, යම් සේ කිසියම් ඇට වර්ග – පැළ වර්ග වැඩී, ලොකු වී, විපුල බවට පත් වෙයි නම් ඒ සියල්ල පොළොව නිසා, පොළොවෙහි පිහිටා මෙසේ මේ ඇට වර්ග – පැළ වර්ග වැඩී, ලොකු වී, විපුල බවට පැමිණෙයි. එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා, සීලයෙහි පිහිටා ආර්ය
අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නේ, බෝධිපාක්ෂික ධර්මයන් තුළ වැඩී, දියුණු වී, විපුල බවට පත්වෙයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා බෝධි පාක්ෂික ධර්මයන් තුළ වැඩී, දියුණු වී, විපුල බවට පත්වන ලෙසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.
මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා බෝධි පාක්ෂික ධර්මයන් තුළ වැඩී, දියුණු වී, විපුල බවට පත්වන ලෙසින් මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M