☰
මහණෙනි, යම් සේ ඇවිද යන සතුන්ගේ යම්කිසි පා සටහන් ඇද්ද, ඒ සියළු පා සටහන් ඇත්පියවරෙහි දැමිය හැක්කේ ය. යම් මේ විශාලත්වයෙන් ඇත් පියවර ඒ සියළු පියවරයන්ට වඩා අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ඒ සියළු කුසල් දහම් අප්‍රමාදය මුල් කොට ඇත්තේ ය. අප්‍රමාදය වටා එක් වන්නේ ය. ඒ කුසල් දහම්වලට අප්‍රමාදය අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ ය යන කරුණ අප්‍රමාදී භික්ෂුව විසින් කැමති විය යුත්තේ ය. ….(පෙ)…. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.
(තථාගත සූත්‍රය විස්තර කළ අයුරින් මේ සූත්‍ර විස්තර කළ යුත්තේ ය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M