මහණෙනි, යම් සේ නූලෙන් වියන ලද යම්කිසි වස්ත්ර ඇද්ද, ඒවා අතර කසී වස්ත්රය අග්ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ඒ සියළු කුසල් දහම් අප්රමාදය මුල් කොට ඇත්තේ ය. අප්රමාදය වටා එක් වන්නේ ය. ඒ කුසල් දහම්වලට අප්රමාදය අග්ර යැයි කියනු ලැබේ. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්රගුණ කරන්නේ ය යන කරුණ අප්රමාදී භික්ෂුව විසින් කැමති විය යුත්තේ ය.
මහණෙනි, අප්රමාදී භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්නේ කෙසේ ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්රතාවය දියුණු කරයි.
මහණෙනි, අප්රමාදී භික්ෂුව මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්රගුණ කරයි.
(සියල්ල ම වදාරණ ලද්දේ සැවැත් නුවර දී ය. තථාගත සූත්රය විස්තර කළ අයුරින් මේ සූත්ර සියල්ල විස්තර කළ යුත්තේ ය.)
දහතුන් වෙනි අප්පමාද වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය යැයි සූත්ර සතර බැගින් නවයකි. වත්ථ නමින් සූත්ර සතරකි. වර්ගයේ මුළු සූත්ර ගණන සතළිසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-37/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M