ඒ දිනවල ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වැනි වේගයකින්, දිගුකළ අතක් හකුළුවනවා වැනි වේගයකින්, ජේතවනයෙන් අතුරුදහන් වුණා. තව්තිසා දෙවියන් අතර පහළ වුණා. එතකොට සක් දෙවිඳු පන්සියයක් දෙවියන් සමඟ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් සක් දෙවිඳු හට ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ මෙකරුණ වදාළා.
පින්වත් දෙවිඳුනි, බුදුරජාණන් වහන්සේ සරණ යෑම ඉතා යහපත් දෙයක්. පින්වත් දෙවිඳුනි, බුදුරජාණන් වහන්සේ සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා. පින්වත් දෙවිඳුනි, ශ්රී සද්ධර්මය සරණ යෑම ඉතා යහපත් දෙයක්. පින්වත් දෙවිඳුනි, ශ්රී සද්ධර්මය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා. පින්වත් දෙවිඳුනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම ඉතා යහපත් දෙයක්. පින්වත් දෙවිඳුනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.
පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, බුදුරජාණන් වහන්සේ සරණ යෑම ඉතා යහපත් දෙයක් ම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, බුදුරජාණන් වහන්සේ සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ශ්රී සද්ධර්මය සරණ යෑම ඉතා යහපත් දෙයක් ම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ශ්රී සද්ධර්මය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම ඉතා යහපත් දෙයක් ම යි. පින්වත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ආර්ය සංඝ රත්නය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්වයන් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා ම යි.
සාදු ! සාදු !! සාදු !!!
සක්ක සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M