පින්වත් මහණෙනි, පින් කරගත්තු නැති ස්ත්රියක විසින් ලබන්ට දුර්ලභ වූ මේ කරුණු පහක් තියෙනවා. කවර පහක් ද යත්? පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක උපතක් ලබන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්රියක විසින් ලබන්නට දුර්ලභ වූ පළමු වැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට යන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්රියක විසින් ලබන්නට දුර්ලභ වූ දෙවැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින් සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්රියක විසින් ලබන්නට දුර්ලභ වූ තුන් වැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින් සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරමින් දරුවන් ඇති තැනැත්තියක් වන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්රියක විසින් ලබන්නට දුර්ලභ වූ සිව් වැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින්, සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරමින් දරුවන් ඇති තැනැත්තියක්ව සිටිමින් සැමියාව ද කීකරු කරගෙන වසන්නෙමි” යන කරුණ පින් කරගත්තු නැති ස්ත්රියක විසින් ලබන්නට දුර්ලභ වූ පස් වැන්නයි. පින්වත් මහණෙනි, මේවා තමයි පින් කරගත්තු නැති ස්ත්රියක විසින් ලබන්නට දුර්ලභ වූ මේ කරුණු පහ.
පින්වත් මහණෙනි, පින් කරගත්තු ස්ත්රියක විසින් පහසුවෙන් ලබන මේ කරුණු පහක් තියෙනවා. කවර පහක් ද යත්? පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක උපතක් ලබන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්රියක විසින් පහසුවෙන් ලබන පළමු වැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට යන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්රියක විසින් පහසුවෙන් ලබන දෙවැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින් සමාන බිරිඳන් නැති ගෙදරක, වාසය කරන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්රියක විසින් පහසුවෙන් ලබන තුන් වැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින්, සමාන බිරිඳන් නැති ගෙදරක වාසය කරමින්, දරුවන් ඇති තැනැත්තියක් වන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්රියක විසින් පහසුවෙන් ලබන සිව් වැන්නයි. පින්වත් මහණෙනි, “මං සුදුසු පවුලක ඉපදිලා, ඊට සුදුසු පතිකුලයකට ගිහින්, සමාන බිරිඳන් නැති ගෙදරක වාසය කරමින්, දරුවන් ඇති තැනැත්තියක්ව සිටිමින්, සැමියාව ද කීකරු කරගෙන වසන්නෙමි” යන කරුණ පින් කරගත්තු ස්ත්රියක විසින් පහසුවෙන් ලබන පස් වැන්නයි. පින්වත් මහණෙනි, මේවා තමයි පින් කරගත්තු ස්ත්රිය විසින් පහසුවෙන් ලබන කරුණු පහ.
සාදු ! සාදු !! සාදු !!!
ඨාන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M