සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.3.10. වඩ්ඪී සුත්තං

3.3.10. දියුණු වීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, දියුණු වන කරුණු පහකින් දියුණු වන්නා වූ ආර්ය ශ්‍රාවිකාව ආර්ය ගුණයෙනුත් දියුණු වෙනවා. කයෙන් හරවත් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා. උතුම් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවෙන් දියුණු වෙනවා. සීලයෙන් දියුණු වෙනවා. දහම් දැනුමෙන් දියුණු වෙනවා. ත්‍යාගයෙන් දියුණු වෙනවා. ප්‍රඥාවෙන් දියුණු වෙනවා. පින්වත් මහණෙනි, මේ දියුණු වන කරුණු පහෙන් දියුණු වන්නා වූ ආර්ය ශ්‍රාවිකාව ආර්ය ගුණයෙනුත් දියුණු වෙනවා. කයෙන් හරවත් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා. උතුම් දේ ම ගන්නා තැනැත්තියක් වෙනවා.

(ගාථාවකි)

ශ්‍රද්ධාවෙනුත්, සීලයෙනුත්, ප්‍රඥාවෙනුත්, ත්‍යාගයෙනුත්, ශ්‍රැතයෙනුත් යම් ස්ත්‍රියක් මෙලොව දියුණු වෙනවා නම්, එබඳු සිල්වත් උපාසිකාව මේ ලෝකයේ දී තමාගෙන් ගතයුතු හරවත් දෑ ගන්නවා.

සාදු ! සාදු !! සාදු !!!

වඩ්ඪී සූත්‍රය නිමා විය.

තුන්වෙනි බල වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

සුද්ධ සූත්‍රය, විශාරද සූත්‍රය, පසය්හ සූත්‍රය, අභිභුය්‍ය සූත්‍රය, අංග සූත්‍රය, නාසිතබ්බ සූත්‍රය, හේතු සූත්‍රය, ඨාන සූත්‍රය, විශාරද සූත්‍රය, වඩ්ඪී සූත්‍රය යන මේ සූත්‍ර දහයෙන් මෙම වර්ගය සමන්විතයි.

මාතුගාම සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M