සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.2.7. සීලවන්ත සුත්තං

3.2.7. සිල්වත් ස්ත්‍රිය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. සිල්වත්ව වාසය කරනවා. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.

සාදු ! සාදු !! සාදු !!!

සීලවන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M