☰
පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින් ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. සැමියා ඉක්මවා හොර සැමියන් කරා යන්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.
සාදු ! සාදු !! සාදු !!!
අනතිචාරී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M