☰
එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළා.
ස්වාමීනී, මෙහි මං මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් ස්ත්‍රියක් දැක්කා. ඈ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපන්නා. ස්වාමීනී, කොතෙක් කරුණු වලින් සමන්විත වූ ස්ත්‍රිය ද කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදින්නේ?
පින්වත් අනුරුද්ධ, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් යුතුව ඉන්නවා. පවට ලැජ්ජාවක් ඇතිව ඉන්නවා. විපාකයට භයක් ඇතුව ඉන්නවා. ක්‍රෝධ කරන්නේ නෑ. ප්‍රඥාවකින් යුතුව ඉන්නවා. පින්වත් අනුරුද්ධ, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයේ උපදිනවා.
සාදු ! සාදු !! සාදු !!!
අනුරුද්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M