සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.1.15. පඤ්චවේර සුත්තං

3.1.15. වෛරය ඇති කරවන කරුණු පහෙන් යුතු ස්ත්‍රිය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? සතුන් මැරීමෙන් යුක්ත වෙනවා. සොරකම් කරන්නියක් වෙනවා. වැරදිකාම සේවනයේ හැසිරෙන්නියක් වෙනවා. බොරු කියන්නියක් වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නියක් වෙනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

පඤ්චවේර සූත්‍රය නිමා විය.

පළමුවෙනි මාතුගාම වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

මාතුගාම සූත්‍රය, පුරිස සූත්‍රය, ආවේණික සූත්‍රය, තීහිධම්මේහි සූත්‍රය, කෝධන සූත්‍රය, උපනාහී සූත්‍රය, ඉස්සුකී සූත්‍රය, මච්ඡරී සූත්‍රය, අතිචාරී සූත්‍රය, අනුරුද්ධ සූත්‍රය, දුස්සීල සූත්‍රය, අප්පස්සුත සූත්‍රය, කුසීත සූත්‍රය, මුට්ඨස්සති සූත්‍රය, පඤ්චවේර සූත්‍රය යන දෙසුම් පසළොසින් මෙම වර්ගය සමන්විත වෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-1-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M