සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.2.4. අගාර සුත්තං

2.2.4. නිවස ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. ආගන්තුක නිවසක් තියෙනවා. එහි පෙරදිගිනුත් ඇවිදින් වාසය කරනවා. බටහිරිනුත් ඇවිදින් වාසය කරනවා. උතුරු දිශාවෙනුත් ඇවිදින් වාසය කරනවා. දකුණු දිශාවෙනුත් ඇවිදින් වාසය කරනවා. ක්ෂත්‍රීයවරුත් ඇවිදින් වාසය කරනවා. බමුණොත් ඇවිදින් වාසය කරනවා. වෙළඳ කුලයේ අයත් ඇවිදින් වාසය කරනවා. හීන කුලයේ අයත් ඇවිදින් වාසය කරනවා.

පින්වත් මහණෙනි, ඔය වගේමයි මේ කයේ විවිධාකාර වේදනාවල් උපදිනවා. සැප වේදනාත් උපදිනවා. දුක් වේදනාත් උපදිනවා. දුක් සැප රහිත වේදනාත් උපදිනවා. ආමිස සහිත සැප වේදනාත් උපදිනවා. නිරාමිස සැප වේදනාත් උපදිනවා. ආමිස සහිත දුක් වේදනාත් උපදිනවා. නිරාමිස දුක් වේදනාත් උපදිනවා. ආමිස සහිත දුක් සැප රහිත වේදනාත් උපදිනවා. නිරාමිස දුක් සැප රහිත වේදනාත් උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

අගාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M