☰
පින්වත් මහණෙනි, මේ වේදනා තුනකි. මොනවද ඒ තුන? සැප විඳීම, දුක් විඳීම හා දුක් සැප රහිත විඳීමයි. පින්වත් මහණෙනි, මේවා තමයි වේදනා තුන.
(ගාථාවන් ය)
1. සැපක් වෙන්ට පුළුවනි. එක්කෝ දුකක් වෙන්ට පුළුවනි. දුක් සැප රහිත විඳීමක් වෙන්ට පුළුවනි. තමන් තුළ ඇති විඳීමක් වුණත්, බාහිර යම් විඳීමක් වුණත්, විඳින්නා වූ යම් කිසිවක් ඇත්නම්,
2. ඒක දුකක්. නැසී යන ස්වභාවයට අයත් දෙයක්. බිඳෙන සුළු දෙයක් කියලා අවබෝධ කරගෙන ස්පර්ශය වෙද්දි වෙද්දී වේදනාවන්ගේ නැසී යෑම දකිනවා නම්, එතකොට ඔය අයුරින් ඒ විඳීම් ගැන සිත ඇලෙන්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
සුඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M