එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, ‘ලෝකය ශූන්‍යය යි, ලෝකය ශූන්‍යය යි’ කියලා කියනවා. ස්වාමීනී, ලෝකය ශූන්‍යය යි කියලා කියන්නේ කවර කරුණු මත ද?
පින්වත් ආනන්ද, යම් කරුණක් නිසා ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍ය (හිස්) වෙයි ද, අන්න ඒ නිසයි ලෝකය ශූන්‍යය යි කියලා කියන්නේ.
පින්වත් ආනන්ද, ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශුන්‍ය වූයේ කුමක්ද? පින්වත් ආනන්ද, ඇස ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍යයි. රූප ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍යයි. ඇසේ විඤ්ඤාණය ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍යයි. ඇසේ ස්පර්ශය ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍යයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍යයි. ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍යයි. පින්වත් ආනන්ද, යම් කරුණක් නිසා ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍ය (හිස්) වෙයි ද, අන්න ඒ නිසයි ලෝකය ශූන්‍යය යි කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සුඤ්ඤලෝක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M